On speaking In Sinhala

සිංහලෙන් කතා කිරීම ලැජ්ජාවට කරුණක් නොවේ. සිංහල දන්නා කෙනෙකුට ලැජ්ජා වීමටද හේතුවක් නැත. එහෙත්, අප රටේම කරුමෙකට මෙන් සිංහල දෙමල කතා කරන කෙනෙක් ගොඩේ ලෙස සලකයි. ඉංග්රීසියෙන් කතා කරන විට කුඩා හෝ වැරැද්දක් සිදු වුණාම ඒ වැරැද්ද නිවැරදි කරනවා වෙනුවට, අපේ අය ඒ වැරැද්දට සිනා සෙනවා. මේ හේතුව නිසා සෙමින් සෙමින්, සිංහල දෙමල කතා කරන අය සුදු රෙදි හොරෙක් තරමට, දැකීමට අමාරු අය බවට පත්වී ඇත. “අහ් ඔබට සිංහල කතා කරන්න පුළුවන්නේ කියා අප කියන්නේ පුදුමයෙනි. කොළඹ ඇවිදින විට සිංහල වචනයක්වත් ඇහෙන්නේ කලාතුරකිනි. කොළඹ ඉස්කෝලෙකට ගිය අයෙකු මේ ලොවටම අයත් නැති accent වලින් කතා කරනවිට සිංහල පමණක් කතා කරන අයට ලැජ්ජාවක් දැනෙනවා. මේ ලැජ්ජාව ඔවුන්ගේ දුර්වලතාවයක් නොව, අනෙක් අයගේ ලාමක ගතිගුනයකි. මෙවැනි ගතිගුණ නැති කර දැමීම ලෙහෙසියෙන් කල හැකි දෙයක් නොවේ. අපිට මේ ගැන දහසක් දෙනෙකුට කිව හැකිය. blog posts දහසක් ලිව හැකිය. එහෙත් අපට කල හැක්කේ අශ්වයාව වතුර ගාවට ගෙන යාම පමණි. ඔවුන්ට වතුර පෙවීමට නොහැක. සිංහල හෝ දෙමල කියා දිය හැකිය. කතා කිරීමටද කිව හැකිය. එහෙත් කතා කිරීම ඔවුන් සතුය.
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s