Category Archives: Poem

පොතක් ඇත

පොතක් ඇත
එහි නම සාමය වේ
එය දැන් ඇත්තේ
අමතක වී ඇති
මුල්ලකය
පොත් ගුල්ලෝ
එහි පිටු කා ඇත
අනෙක් පිටු
ගැලවී ඇත
දුවිලි වලින් 
වැසී ඇත
එහෙත්
කව දා හෝ
එම පොත
නැවතත්
කියවති කවුරු හෝ
පිටු නැවත සවි කර
දුවිලි පිහිදා
එම පොතෙහි
පිටු පෙරලයි
නැවත දිනයක
ලගදී

Advertisements